බෝට්ටුවකින් ඕස්ට්‍රේලියා ගිය වියට්නාම 11ක්, ටිමෝර්-ලෙසතේහිදී අත්අඩංගුවට

බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාව බලා ගිය වියට්නාම ජාතිකයින් එකොළොස් දෙනෙකු ටිමෝර්-ලෙසතේ බලධාරීන් අත්අඩංගුවට ගෙන කොරොනා වයිරස් නිරෝධායනයෙහි තබා ඇති බව වාර්තා වේ.

පිරිමින් අටදෙනකු, කාන්තාවන් තිදෙනකු සහ ඉන්දුනීසියානු කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සමඟ මේ බෝට්ටුව ටිමෝර්-ලෙසතේ නැගෙනහිර කෙළවරේ වන ජැකෝ දූපතේ තිබී හමු විය.

ඔවුන්ගේ බෝට්ටුව ගැටලුවලට මුහුණ දීමෙන් පසු ඔවුන් ජැකෝ දූපතේ නතර වී ඇති අතර ඔවුන් එහිදී සැපයුම් ලබා ගත් බව ද වාර්තා වේ.

“Operation Sovereign Borders”නම් වන ලිබරල් සන්ධාන ආණ්ඩුවේ දේශසීමා මෙහෙයුම යටතේ, නීතිවිරෝධී සංක්‍රමණිකයින්ට බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාවක් නැත.

“ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්තිය වන්නේ නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ළඟා වීමට අපේක්ෂා කරන ඕනෑම යාත්‍රාවකට බාධා කිරීම සහ රජයේ ගුවන් පහසුකම් මඟින් ඔවුන් පැමිණි ස්ථානයට හෝ උපන් රටට ආරක්ෂිතව ආපසු යැවීමයි” යනුවෙන් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් ගේ ප්‍රකාශකයෙක් පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *