බෝගම්බර නිලධාරින්ටත් කොවිඩ්, මෙන්න අලුත්ම තත්ත්වය
බගවන්තලාව ලින්ස්ටඩ් වත්තේ කොටසක් හුදෙකලා වේ
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ලින්ස්ටඩ් වත්ත පහළ කොටසින් කොවිඩ් අසාදිතයින් හය දෙනෙකු හමුවීමත් සමඟ එම වත්තේ කොටසක් ඊයේ (01) සිට හුදකලා කළ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරු පැවසූහ.
බගවන්තලාව ලිනිස්ටඩ් වත්තේ පහළ කොටසේ එකම පවුලේ පස් දෙනෙකු සහ ව්‍යාපාරිකයෙකුට කොවිඩ් -19 වෛසරය අසාදනය විම නිසා එම අසාදිතයන් හය දෙනා පෙරේදා (01) රාත්‍රියේ හම්බන්තොට සහ මාතර කඹුරුගමුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
එම අසාදිතයන් පදිංචි නිවාස ආසන්නයේ පවුල් 32 කට අයත් සාමාජිකයන් 120 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කරමින් ඔවුන් පදිංචි වතු නිවාස කොටස හුදකලා කර ඇත.
බෝගම්බර ප්‍රධාන ජේලර්ට කොවිඩ්
බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මගින් මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථනයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවූවන් 26 දෙනෙකුට කොවිඩ්- 19 වෛරසය ආසාදනය වී තිබේ.පී.සී.ආර් පරීක්ෂණ මගින් මේ බව තහවුරු වීමත් සමඟ ප්‍රධාන ජේලර්වරයා තෙල්දෙණිය විශේෂ කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත අද (02) යොමුකර තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.රැඳවූවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.මේ වන විට මහනුවර පැරිණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරී සඳහා සිටි නිලධාරීන් තිදෙනෙකුට හා රැඳවූවන් 182 නෙකුට පමණ කොවිඩ් ආසාදනය වී තිබෙන බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසයි.මධ්‍යම පළාතින් අද (02) පෙරවරුව වන විට වාර්තා වී තිබූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 501 ක් බව පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.මහනුවරින් 303 ක් නුවරඑළියෙන් 146 ක් සහ මාතලෙන් 52 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙන බවත් අද (02) දිනය තුළ මහනුවරින් 09 ක් හා නුවරඑළියෙන් 08 ක් ලෙස නව ආසාදිතයින් වාර්තා වූ බවත් කී මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මාතලෙන් කිසිදු නව ආසාදිතයෙකු වාර්තා නොවූ බවද පැවසීය. ගම්පහ කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළට
ගම්පහ රෝගීන් වැඩිවේ
ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද (02) දින සවස 4.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 108 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 5,475 දෙනෙකු වාර්තා වී ඇති බවත් , මේ වනවිට පී.සී.ආර්.පරීක්ෂණ 82,933 ක් සිදු කර ඇති බවත් වාර්තා වේ. ගම්පහ දිස්ත්‍රික් තියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කරන අන්දමට මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 23 දෙනෙකු ද , වත්තල කොට්ඨාසය තුළින් 19 දෙනෙකු ද , කැළණිය කොට්ඨාසයෙන් 15 දෙනෙකු ද , අත්තනගල්ල කොට්ඨාසයෙන් 10 දෙනෙකු ද , දිවුලපිටිය කොට්ඨාසය තුළින් 09 දෙනෙකු ද ලෙස රෝගීන් වාර්තා වේ.
කලුතර තත්ත්වය මෙන්න
බණ්ඩාරගම අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් හතෙන් වාර්තා වන රෝගීන් 325 දෙනාද ඇතුළුව කලුතර දිස්ත්‍රික්කයේ අද (02) දින වනවිට වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන 1435 දෙනකු බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය
ගැබිණි මාතාවන් 24 ක්ද මේ පිරිසට අයත් වේ. (1) දිනය තුළ අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වල පදිංචි පුද්ගලයන් 430ක් සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී පුද්ගලයන් 96 දෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු කරගෙන තිබේ.