බොදුනුවන්ට කෙණෙිහිලිකම් කරන නිසා මින් පසු සර්ව ආගමික කමිටුවට අපි නෑ – නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක

 බොදුනුවන්ට කෙණෙිහිලිකම් කරන නිසා මින් පසු සර්ව ආගමික කමිටුවට අපි නෑ – නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

බොරළු කන්ද රජමහ විහාර ගැටලුවේ දී මෙන්ම බෞද්ධයන්ට අන්‍යාගමිකයන්ගෙන් සිදුවන ගැටලු වලදී ඒ්වා විසඳීමට සර්ව ආගමික කමිටුව මැදිහත් නොවී සිටීමට විරෝධය පා මින් ඉදිරියට ඒම කමිටුවේ රැස්වීම් සඳහා සහභාගි නොවී සිටීමට තීන්දු කලබව ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධිකාරි අමරපුර ධම්මරක්ෂිත මහ නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස නාහිමියෝ පැවැසුහ.

ත්‍රිකුණාමලයේ සර්ව ආගමික නායකයන් ගේ රැස්වීම් වලදි ඔවුන්ගේ ආගම් වලට බලපාන සංවේදි කාරණා හා ගැටලු වලදී බෞද්ධයන් වෙනුවෙන් ඉදිරිපත්ව විසඳුම් ලබාදීමට තමන් වහන්සේ කටයුතු කලත් බෞද්ධාගමික ගැටලු වලදි අන්‍යාගමික නායකයන් නිහඬව සිටීම මෙම රැස්වීම් වර්ජනය කිරීමට හේතුවක් බව උන්වහන්සේ පැවැසුහ.

තායිලන්තයේ සිට ත්‍රිකුණාමලයට වැඩම කල භික්ෂුන් වහන්සේලා විසින් ත්‍රිකුණාමලය නගරයේ බෝරුක් අභියස සිදු කිරීමට තිබු පිංකම දෙමළ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරින් ඒක්ව කඩාකප්පල් කිරීමත් බොරළු කන්ද රජමහ විහාරයේ ඉදිකිරීම් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩාමන් විසින් නතර කිරීම ආදි කාරණා වලදී සර්ව ආගමික නායකයන් හෝ ඒම කමිටුව හෝ මැදිහත් නොවීම කණගාටුවට කරුණක් බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසුහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *