බේබද්දො මිලියනයක් ඉන්න රටක්

මෙරට ජනගහනයෙන් තිස් ලක්ෂ තිස් පන්දහස් එකසිය හතළිස් තුන් දෙනෙකු (3035143) මධ්‍යසාර භාවිත කරන බවත් ඉන් දශලක්ෂ හැටතුන් දහස් තුන්සිය අසූ තුන් දෙනෙකු (1063383) දිනපතා මධ්‍යසාර ගැනීමට පුරුදු වී සිටින බවත් මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ 2019 ජාතික සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව මෙම සමීක්ෂණය සිදුකර ඇත.
මෙම සංගණනයට අනුව මත්පැන් පානය කරන පිරිමි සංඛ්‍යාව 3014557 කි. කාන්තාවන් 20586 දෙනෙකු මධ්‍යසාර භාවිත කරන බව හෙළිව තිබේ.
වයස අවුරුදු 18 ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි 121170 දෙනෙකුත් කාන්තාවන් 906 දෙනෙකුත් මධ්‍යසාර භාවිතයට යොමුව සිටින බව සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
අවුරුදු 18 වයස් සීමාව ඉක්මවූ පිරිස අතරින් මධ්‍යසාර භාවිත කරන පුරුෂයින් සංඛ්‍යාව 2893387 ක්ද කාන්තාවන් සංඛ්‍යාව 19880 ක්ද වෙති.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *