බුරවි, මුහුද රළු වෙයි. යාපනයේ ධීවරයෙක් අතුරුදන්
බුරවි ප්රචණ්ඩ සුලි කුණාටුව දිවයිනට ඇතුළවන්නට පෙර ඊයේ රාත්රී මුහුදු ගිය යාපනය පොන්නාලෛ ප්රදේශයේ ධීවරයෙකු අතුරුදන්ව තිබේ. සෙල්වරාජා සෙල්වකුමාර් නමැති 37 හැවිරිදි ධීවරයා නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් නොතකා සුළිපුරම් ප්රදේශයෙන් සිය යාත්රාව දියත් කර ඇත.
මුහුදු නොයන ලෙස දැනුම් දී තිබියදී රැකියාවට ගිය ඔහු අතුරුදන් වන්නට ඇතැයි බලධාරීහු පවසති.