බුත්තල වැලි ගල් ජාවාරම් ඉහළ යයි – මන්ත්‍රී විශේෂ සාකච්ඡාවක් ඉල්ලයි

වැලි හා ගල් ව්‍යාපාරවල නිරත වන පිරිස අක්‍රමත්ව කටයුතු කිරීම නිසා හා ජාවාරම් කිරීම නිසා දිනෙන් දින බුත්තල ප්‍රදේශයේ පාරිසරික හානි සිදුවන බව බුත්තල ප්‍රාදේශීය සබාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රී අතුල ප්‍රභාත් පැවසුවේය.  ඊයේ (15) පැවති මාසික සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඔහු ඉල්ලා සිටියේ පවතින තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට විශේෂ සභා රැස්වීමක් කැඳවන ලෙසයි.

එහිදී පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය අනුව එළඹෙන 29 වැනිදා විශේෂ සභා රැස්වීමක් කැඳවීමට තීරණය විය.

තම ඉල්ලීම පිළිබඳ අදහස් දැක් වූ අතුල ප්‍රභාත් මන්ත්‍රීවරයා පැවසුවේ බුත්තල ප්‍රදේශයේ මහා පරිමාණ වැලි ගොඩ දමන ස්ථාන පමණක් 40ක් ඇති බවයි. “මේ සමහර තැනි නිසි අවසරයක් තියෙනවද කියලත් සැකයි. මෙහෙම ගියොත් පරිසරය වැනසිලා යනවා. ව්‍යාපාර කරන අය කෝටි ගණන් උපයනවා. සභාවට සොච්චමයි. අනාගත පරම්පරාවට ඉතිරි වෙන දෙයක් නැහැ” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *