බුත්තලටත් බත් නැති වෙන හැඩ. අස්වනු බාල වෙයි

මෙවර මහ කන්නයේ වී අස්වනු සියයට හතළිහකට එහා අගයකින් පහත වැටී ඇතැයි බුත්තල වගුරුවෙල ප්‍රදේශයේ ගොවීහු පෙන්වා දෙති. අද (25) පැවති අස්වනු සමීක්ෂණයකදී තම යායේ අස්වනු අගය පසුගිය වසරට සාපේක්ෂව සියයට 60 දක්වා පමණ පහත වැටී ඇති බව කෘෂි නිලධාරීන් පැවසූ බව ගොවීහු ප්‍රකාශ කළහ.

ඔවුන් පැවසුවේ මේ තරමින් හෝ අස්වනු රැක ගැනීමට අවස්ථාව ලැබුණේ කිසියම් පොහොර ප්‍රමාණයක් තමන් සතුව පැවති නිසා බවයි. බුත්තල පැල්වත්ත උක් කර්මාන්තය සඳහා සීමාසහිත පැල්වත්ත සීනි සමාගම සැපයූ පොහොරවලින් කොටසක් වී වගාව සඳහා භාවිතා කළ බව පැවසූ ගොවීන් සඳහන් කළේ එම තත්ත්වය මත වුවද සමස්ත අස්වනු ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ බව සහ එය උක් වගාවට බලපා ඇති අන්දම ගැන තමන් නොදන්නා බවයි. මේ වනවිට වෙළඳපොල මිළ ගණන් අනුව යූරියා මිටියක් රුපියල් 12000ක් ඉක්මවා ඇති බැවින් යල කන්නය ගැන විශ්වාසය තබා ගැනීමට නොහැකි බවද ගොවීහු පැවසූහ.

ඉතිහාස ප්‍රවාදවලට අනුව වෙල්ලස්සට අයත් බුත්තල යනු සටනට සූදානම් වූ දුටුගැමුණු රජු ඇතුළු පිරිසට බත් දුන් බත්හලයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *