බිරිඳට 5000 නොදුන්නැයි නිලධාරිණියට තර්ජනය කළ සෙබළා රිමාන්ඩ්

 බිරිඳට 5000 නොදුන්නැයි නිලධාරිණියට තර්ජනය කළ සෙබළා රිමාන්ඩ්

බළන්ගොඩ නන්දන සම්පත්

සමෘද්ධි සංවර්ධන නිලධාරිනියකට බැණ තර්ජනය කළ යුද්ධ හමුදා නිලධාරියෙකු මෙම මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (22) දා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියම කළේ ගජසිංහ පුර යුද්ධ හමුදා කදවුරේ සේවය කරන පුද්ගලයෙකි. තම බිරිඳට රුපියල් 5000ක සහනාධාර මුදල ලබා නොදුන්නැයි පවසමින් පින්නවල ගුරුබැවිල ප්‍රදේශයේ රාජකාරියේ නිරත ව සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරිනියකට ඔහු මෙලෙස බැණ තර්ජනය කර තිබෙි. එම සමෘද්ධි නිලධාරිනිය සිදුවීම සමිබන්ධයෙන් පින්නවල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙි. ඒ අනුව පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු ඔහු මෙ⁣ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *