බාගෙට සැප දිගටම

 බාගෙට සැප දිගටම

මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ අර්බුද විසඳීම කතාවට සීමා වෙමින්, අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීම සිදු නොවනු ඇතැයි වාර්තා වේ. පසුගිය සතියේ බස් හිමියන් සමග පැවති සාකච්ඡාවේදී ඔවුන් ඇමතිවරයා හා පවසා ඇත්තේ ඇතැම් මාර්ගවල ආසන ගණනට හෝ මගීන් නොමැති නිසා තවදුරටත් වැඩි ගාස්තු අර්ධ සුඛෝපභෝගී සේවය පවත්වා ගෙන යා යුතු බවයි. එහෙත්, මගීන් පවසන්නේ එයා මුසාවක් බවත් ඉතා කළාතුරකින් දිනක මිස බස් රථවලට පාඩු සිදුවන අන්දමින් සෙනග රහිතව ධාවනය කිරීමට සිදු නොවන බවයි.

හිටපු ඇතැම් ඇමතිවරු කුප්‍රකට අන්තෝනි වැනි බස් හිමියන් සමග සබඳතා පවත්වා ඇති අන්දමට වත්මන් ඇමතිවරයාත් කිසියම් බස් හිමියෙකුගේ වුවමනාව අනුව ක්‍රියා කරමින් සැබෑ අවශ්‍යතාව යට ගසනු ඇතිදැයි ජනයා සැක පහළ කරති. දිවයිනේ ඇතැම් ස්ථානවලදී ජාතික ප්‍රවාහන කොමිසමේ නිලධාරීන් කළ වැටලීම්වලදී ඇතැම් බස් රථ මුදා හරින්නැයි දේශපාලන සබඳතා ඇතියවුන්ගේ ඇමතුම් ලැබී ඇති බවද එවැනි ස්ථානවල සිටි මගීහු අප හා පැවසූහ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *