බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතාවලින් පසු වෛරස් රෝගීන් වැඩිවීම පිළිබඳ කනස්සල්ලක්
සති අන්තයේ ඕස්ට්‍රේලියාව පුරා පෙළපාලිවලට දහස් ගණනක් විරෝධතාකරුවන් සහභාගී වීමෙන් පසු ඉදිරි සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාව පුරා කොරෝනා වෛරස් රෝගීන් වැඩිවීම පිළිබඳ කනස්සල්ලක් මතුව ඇතැයි වාර්තා වේ.
බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යාපාරයට සහය දැක්වීමට සහ විරෝධතා දැක්වීමට සති අන්තයේ සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ ඇඩිලේඩ් හි පෙළපාලි පැවැත්විණි.
නිව් සවුත් වේල්ස්හි එක රැයකින් නව රෝගීන් 3 ක් වාර්තා වී ඇත.
නිව් සවුත් වේල්ස්හි සෞඛ්‍ය අංශ මෘදු රෝග ලක්ෂණ පවා ඇති ඕනෑම අයෙකු ස්වයං හුදකලා කර ගන්නා ලෙස ඉල්ලා ඇති අතර COVID-19 පරීක්ෂණයක් ලබා ගත හැකි අවස්ථා ද සලසා ඇත.