බස්නාහිර ඉස්පිරිතාලවලත් බෙහෙත් නෑ.

බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඇතැම් ඔසු වර්ග දැඩි හිඟයක් පවතින බව වාර්තා වේ. පාදුක්ක සහ හෝමාගම වැනි බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පාලනය වන රෝහල්වල කිසිම වේදනා නාශක ඔසුවක් නොමැති නිසා ඒවා ෆාමසිවලින් සපයා ගැනීමට රෝගීන්ට උපදෙස් ලබාදෙන බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ.
රජයේ ප්‍රතිපත්තිය අනුව රෝහල්වල පවතින ඔසු පිටතින් ලබා ගැනීමට නිර්දේශ නොකරන නමුත් පවතින හිඟය නිසා එසේ කිරීමට සිදුවන බව වෛද්‍යවරුන්ගේ අදහසයි.
අද (22) පාදුක්ක රෝහලේ කිසිම වේදනා නාශක ඔසුවක් නිකුත් නොකළ බව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කළහ. ඔවුන් පෙන්වා දුන්නේ මේ තත්ත්වය තුළ නිදහස් සුව සේවාව තමන්ට අහිමි වන බවයි. රජයේ රෝහල්වල පවතින ඔසු පිටතින් ලබාගැනීමට නිර්දේශ නොකළ යුතු බවට රාජිත සේනාරත්න ඇමතිවරයා සමයේ තීන්දු ගනු ලැබූ අතර ඔහු අකාර්යක්ෂම බව පැවසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ අවස්ථාවේ නිහඬව සිටීම ගැටලුවක් බව ejournalist හා අදහස් දැක්වූ සෞඛ්‍ය සේවයට සම්බන්ධ තවත් පාර්ශවයක් පැවසීය.