බලන්ගොඩ මුල්ම කොවිඩ් මරණය වාර්තා වේ.
රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි
බලන්ගොඩින් වාර්තාවන මුල්ම කොවිඩ් 19 මරණය ලෙස 70 හැවිරිදි කාන්තාවකගේ මරණයක් සිදුව ඇතැයි අද (04) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වාර්තා කළේය. පොල්වත්ත හන්දිය, තැන්නහේන පදිංචිව සිටි මෙම කාන්තාව පසුගිය 02වැනිදා රෝහල් ගත කළේ නිවසේදී ඇති වූ ක්ලාන්තයක් හේතුවෙනි.
බලංගොඩ මූලික රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටි ඇය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයට අදාලව පීසීආර් පරීක්ෂණයක් සිදු කර තිබූ අතර අද එහි ප්‍රථිඵල ලැබුණි. ඒ අනුව තහවුරු වී ඇත්තේ එම කාන්තාවට කොවිඩ් 19 රෝගය වැළඳී තිබූ බවයි.