බලන්ගොඩ දුවිලි ඇල්ල සංචාරක කලාපය මාස තුනකට පසු විවෘත කෙරේ

රාස්සගල සමිපත් ප්‍රියනන්දන
බලන්ගොඩ කල්තොට දුවිලි ඇල්ල සංචාරක කලාපය මාස තුනකට පසු අද (30) වැනිදා සිට සංචාරකයින් සඳහා යළි විවෘත කිරිමට කටයුතු කළ බව බලන්ගොඩ ප්‍රාදේශීය සභාවෙි සභාපති සුනිල් ප්‍රේමසිරි මහතා පැවැසිය.

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග දුවිලි ඇල්ල සංචාරක කලාපය ඉකුත් මාර්තු මාසයේ සිට වසා දැමීමට කටයුතු කර තිබු බව ඒ මහතා කීය. දුවිලි ඇල්ල ආශ්‍රිත සංචාරක කලාපය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ගෙන් පරිසර හිතකාමී අයුරින් කටයුතු කරන මෙන් බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ඉල්ලා සිටියි. පරිසරය විනාශකිරීමෙන් සහ කැලෑ ගිනි ඇවිලීමෙන් වැළකි සිටින ලෙසද බලන්ගොඩ ප්‍රදේශිය සභාවෙි සභාපති සුනිල් ප්‍රේමසිරි මහතා සංචාරකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර සිටි.