බලංගොඩ මූලික රෝහලට විෂබීජහරණ කුටියක්

 බලංගොඩ මූලික රෝහලට විෂබීජහරණ කුටියක්

කොරෝනා වෛරසය වසංගතයක් ලෙස පැතිර යාමට එරෙහිව සහ රෝහල් කාර්ය මණ්ඩලයද, දිනපතා පැමිණෙන සේවා ලාභීන්ද ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව බලංගොඩ මූලික රෝහල වෙත විෂබීජහරණ කුටියක් පරිත්‍යාග කිරීම ඊයේ (17) සිදු විය. ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ගාමිණී වලේබොඩ ඇතුළු බලංගොඩ මිත්‍රත්ව සංසදය මෙම පරිත්‍යාගයට මුල් විය. මීට අමතරව රෝහල් කාර්ය මණ්ඩලය වෙත වෛරසයෙන් ආරක්ෂා වෙමින් රෝගීන් පරීක්ෂා කිරීමට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයක්ද පරිත්‍යාග කිරීම සිදුවිය.

බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිතුමිය වෙත ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාග කිරීම

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *