බලංගොඩ මාරතැන්න මිනීමැරුම; දෙන්නා එකට මත්පැන් බීලා

 බලංගොඩ මාරතැන්න මිනීමැරුම; දෙන්නා එකට මත්පැන් බීලා

බීමත්ව සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව බලංගොඩ පින්නවල පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වි ඇත්තේ බලංගොඩ පින්නවල මාරතැන්න ප්‍රදේශයේ පදිංචි වේලුකුමාර් නමැති (43) සිව්දරු පියෙකි.
එකම වතු නිවාස පේලියක පදිංචිව සිටි මරණකරු සහ සැකකරු (06) දින පස්වරුවේ සිටම බීමත්ව සිටි බවත්, පසුව දෙදෙනා අතර ඇති වු බහින් බස් වීමක් දුර දිග යාමෙන් රාත්‍රි 7 ට පමණ සැකකරු විසින් මරණකරුට උල් ආයුධයකින් ඇණිම නිසා බරපතල ලෙස තුවාල ලබා සිටි වේලුකුමාර් යන අය මාරතැන්න රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වී ඇති බවයි පින්නවල පොලිසිය පැවසුවේ.
ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ටි.එම්.චන්ද්‍රසේකර මහතා විසින් (07) දින පැවැත් වු අතර, එහි දී මහෙස්ත්‍රාත්වරයා පින්නවල පොලිසියට නියෝග කළේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලංගොඩ මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.
ඝාතනයට සම්බන්ධ සැකකරු පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *