බලංගොඩ බාබර් සාප්පු ඇරේ කොණ්ඩය විතරයි රැවුල බෑ.
බලංගොඩ නන්දන සමිපත්
බලංගොඩ නගරයේ බාබර් සාප්පු මාස එක හමාරකට පසු දැඩි සෞඛ්‍ය උපදෙස් මත අද (13) දා නැවත විවෘත කෙරිණි.
කොරෝනා වෛරසය ව්‍යප්ත විමෙි අවදානමත් සමග එම ස්ථාන මාස එකහමාරක කාලයක් වසා දමා තිබුණි. ඒවා විවෘත කළ නමුත් රැවුල කැපීම සඳහා අවසර ලබා නොදෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීහු පැවසූහ.
කොණ්ඩා කැපීම සිදුකරන ආයතන පනහක් පමණ නැවත විවෘත කිරිම සඳහා බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ඉල්ලීමි කර ඇති නමුත්, නියමිත සෞඛ්‍ය උපදෙස් සමිපුර්ණ කර ඇති අායතනවලට පමණක් ව්‍යාපාර ආරම්භ කිරීමට අවසර ලබා දුන් බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීහූ පෙන්වා දුන්හ.
කොණ්ඩා කැපීමට ඇතුළු වන පුද්ගලයන්ට සබන් දමා අත් සේදීම සඳහා ස්ථානයක් සකස් කර තිබීම, සේවාව ලබා දෙන්නා ආරක්ෂිත කබා පැළඳ සිටීම අනිවාර්ය වේ. කොණ්ඩා කැපීම පමණක් සිදු කළ යුතු වන අතර, එක වරකදී එක් අයෙකු පමණක් ආයතනය තුළට ඇතුළු කර ගැනීම, කොණ්ඩා කැපීම සඳහා භාවිතා කරන කතුරු, යන්ත්‍ර ඇතුළු උපකරණ එක් පුද්ගලයෙකු සඳහා භාවිතා කළ පසු නැවත විෂබිජහරණය කිරීම, කොණ්ඩා කැපීම සඳහා යොදාගන්නා ආවරණ රෙදි කටිටලයක් එක් අයෙකුට පමණක් භාවිතා කිරීම වැනි සෞඛ්‍ය උපදෙස් කරණවෑමියන්ට ලබා දී ඇත. ඔවුන් එම උපදෙස් පිළිපදින්නේද යන්න මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්ගේ නිරන්තර අධීක්ෂණයට ලක් වේ. බලංගොඩ ඇතැම් බාබර් සාප්පු කොණ්ඩය කපන අවස්ථාවේ භාවිතා කිරීමට රෙද්දක් නිවසෙන් රැගෙන එන ලෙස සඳහන් දැන්වීම් ප්‍රදර්ශනය කොට තිබුණි.