බලංගොඩ බස් නැවතුමේදී බසයට යට වූ මව මිය යයි
බලංගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුමේදී මුල්ගම සිට බලංගොඩ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රියකට යට වීමෙන් 73 හැවිරිදි මවක් අද (21) ජීවිතක්ෂයට පත් විය. සිද්ධිය ඇසින් දුටු පිරිස ප්‍රකාශ කළේ අනතුරට හේතු වූ බස් රිය නියමිත වේග සීමා ඉක්මවා අනතුරුදායක අන්දමින් ධාවනය කළ බවයි.
වයි. ජී කුසුමාවතී නමැති අනතුරට ලක් වූ 73 හැවිරිදි මාතාව බලංගොඩ, ඉඹුල්පේ, පස්සරමුල්ල, හෙළවත්ත පදිංචිකාරිණියකි. අනතුර සිදු වූ විගස ඇය රෝහල් ගත කළද අධික ලෙස රුධිර වහනය වීම නිසා මරණය සිදු වන්නට ඇති බව සිද්ධිය දුටුවෝ පවසති. අනතුර සිදු කළ පුද්ගලික බස් රථය බලංගොඩ පොලීසියේ අත්අඩංගුවට පත්ව ඇති අතර නොසැළකිලිමත් ලෙස රිය පැද වී යැයි සිද්ධිය දුටුවන් පවසන රියදුරා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු වේ.
නලින්ද සම්පත්, නාලක ජේ.හෙට්ටිආරච්චි බලංගොඩ සිට