බලංගොඩ නෙල්ලිවෙල රෝගියාට කොරෝනා. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.

රත්නපුර මහ රෝහලෙන් කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර යැවූ නාවික හමුදා සාමාජිකයාට කොරෝන වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. හෙතෙම වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලැබ පැමිණ සිටි පුද්ගලයෙකි.
ඉඹුල්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ටී.සී. ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ වනවිට ඔහු ඇසුරු කළ පිරිස් හඳුනාගෙන ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි. එසේම අද (26) නෙල්ලිවෙල ප්‍රදේශය විෂබීජහරණය කිරීමටද පියවර ගෙන තිබේ. එබැවින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු නමුත් අනිවාර්ය සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සියලු දෙනාගේ යහපතට හේතුවන බවයි.
සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි