බලංගොඩ ආසනයට මන්ත්‍රීවරයෙක් නැති වුණේ පක්ෂයේ වරදින් – හිටපු ඇමති භානු මුණිප්‍රිය

 බලංගොඩ ආසනයට මන්ත්‍රීවරයෙක් නැති වුණේ පක්ෂයේ වරදින් – හිටපු ඇමති භානු මුණිප්‍රිය

mde

1977 සිට 2020 දක්වා වසර 43ක් වමේ කඳවුරේ කිසිවෙකු බලංගොඩ ආසනයෙන් පාර්ලිමේන්තුවට යවන්නට නොහැකි වීම ජනතාවගේ නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ කඳවුරේ වරදක් බව සබරගමුව පළාත් හිටපු අමාත්‍ය භානු මුණිප්‍රිය පවසයි.
“මාව පාර්ලිමේන්තු මැතිවරණයට දාපු හැම වතාවකම පවා තව කවුරු හරි දාලා පැරද්දුවා. නන්ද මැතිව් දැම්මා. මහින්ද රත්නතිලක දැම්මා. වුවමනාවෙන් හප්පල⁣ පැරැද්දුවා. ඒ නිසා අවුරුදු 44ක් බලංගොඩට වමේ මන්ත්‍රීවරයෙක් නැතිවීමේ, අවුරුදු 26ක් කිසිම පක්ෂයක මන්ත්‍රීවරයෙක් නැතිවීමේ වගකීම පක්ෂය ගන්න ඕන. හැමදාම ආසනය වම දින්න⁣. මන්ත්‍රීවරයෙක් නැහැ. පොදු ජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අහිමි වීමේ වගකීම ගන්න ඕන” යැයි හිටපු අමාත්‍ය භානු මුණිප්‍රිය බලංගොඩදී පැවති ජන හමුවක් අමතමින් වැඩිදුරටත් පැවසුවේය.

මේවන විට නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයා වන තමන් ඇතුළු විශාල පිරිසක් වගකීම වටහා ගෙන එක්සත්ව කටයුතු කරන්නේ බලංගොඩට පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට බවද හෙතෙම මෙහිදී පැවසීය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය යළි එකතු නොවන තරමට බෙදී ඇති බව පැවසූ හිටපු පළාත් අමාත්‍ය භානු මුණිප්‍රිය වැඩිදුරටත් පැවසුවේ, පවුලකට රුපියල් විසිදහස බැගින් දෙන බවට පොරොන්දු වෙන සමගි ජන බලවේගයේ නායකයා අමූලික අසත්‍ය පවසන්නෙක් බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *