බන්ධනාගාරයේදී සැකකරුවෙකු මිය යාම, වාර්තා දෙන්නට මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග

ජිව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට පත්ව පසුව මානසික රෝගී තත්වයට පත්වීම හේතුවෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවෙකු හදිසියේ මිය යාම සම්බන්ධයෙන් වු සියළු පරික්ෂණ වාර්තා වහාම මේ මස 25 දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජයකි ද අල්විස් මහත්මිය අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත, අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයා වෙත හා අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපති වරයා වෙත අද (23) නියෝග කළාය.
පන්නගමුව, වීරවිල පදිංචි නලගමගේ නුවන් කුමාර නොහොත් රෝසා නැමති අය ජිව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමට අදාල චෝදනාවක සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගතව සිටියදී 2020.02.05 දින හදිසියේ මිය ගොස් තිබේ. මිය යන අවස්ථාවේ ඔහු මානසික රෝගී තත්ත්වයකට පත්විම හේතුවෙන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාර රෝහලේ 03 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය. චුදිතට එරෙහිව පැවති නඩු විභාගය හම්බන්තොට මහාධිකරණය හමුවේ අද (23)කැඳ වු අවස්ථාවේ ඔහුගේ මව නිතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් සිය පුතු බන්ධනාගාර රෝහලේ සිටියදි මිය යාම පිළිබඳ තමන්ට සැකයක් ඇති බවත්, සිය දරුවාගේ මරණය ස්වභාවික මරණයක් නොවන බවත් ඒ පිළිබදව නිසි පරීක්ෂණයක් සිදුකර යුක්තිය ඉටුකර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරු බන්ධනාගාරය තුළදි මියගොස් ඇති බව බන්ධනාගාර අධිකාරීවරයා විසින් දන්වා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මරණ සහතිකයක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත්, අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඒ පිළිබද කරුණු වාර්තා කර ඇති බවත් , ඒ සම්බන්ධයෙන් වාර්තා මෙතෙක් මෙම අධිකරණය වෙත ලැබී නොමැති නිසාත් මෙම සැකකරුගේ මරණය සම්න්ධයෙන් වු සවිස්තර වාර්තාවක් මෙම අධිකරණය වෙත ලබා දිමට කටයුතු කරන ලෙස අදාල පාර්ශව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් නිතිපති වරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ අධිනිතීඥ ගයාන් පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව ඉදිරිපත් වු කරුණු සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජයකි ද අල්විස් මහත්මිය බන්ධනාගාරය තුළදී සැකකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් වු මහේස්ත්‍රාත් පරික්ෂණ වාර්තාව කඩිනමින් මෙම අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගන්නා ලෙස අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් වරියට නියම කෙරුණි. ඊට අමතරව සැකකරුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණවලට අදාල සියළු පරීක්ෂණ වාර්තා වහාම මෙම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරී වරයාට හා අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපති වරයාටද නියෝග කෙරුණි.
පන්නිගමුව, වීරවිල පදිංචි නලගමගේ නුවන් කුමාර නොහොත් රෝසා නැමති අය 2004.01.24 දින යුධ හමුදා සේවයේ නිරතව සිටියදී ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.ඒ වන විට සැකකරු යුධ හමුදා සෙබලෙකු ලෙස රැකියාව සිදුකර තිබේ.මෙම සිදුවිමට අදාලව පැවති මුලික නඩු විභාගයෙන් පසු නිතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව 2007.02.13 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බාර දි නඩුව විභාගය කර තිබේ. මේ අතරතුර සැකකරු මානසික රෝගී තත්වයට පත්වීම හේතුවෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහල තුළ ප්‍රථිකාර ලබමින් සිටියදි 2020.02.05 වන දින ඇඳ මතින් බිමවැටී තුවාල ලබා අගුණුකොළපැලැස්ස රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවයි බන්ධනාගාර අධිකාරී වරයා විසින් කරුණු වාර්තා කර ඇත්තේ.2020.06.25 දින යළි නඩුව කැදවිමට නියමිතය.
චුදිතගේ පාර්ශවය වෙනුවෙන් නිතීඥ චිරන්තක පළුගස්වැව මහතා පෙනි සිටි අතර නිතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගයාන් පෙරේරා මහතා පෙනි සිටියේය.