බදුල්ල මහ රෝහලේ වැඩ විධානවලට පිටින්

කොවිඩ් 19 වසංගතය වැළැක්වීම අරමුණු කර ගනිමන් 2020.04.12 දිනැති, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවරධන නිකුත් කළ උපදෙස් සහ විධාන නොතකා බදුල්ල මහ රෝහලේ බලධාරීන් කටයුතු කරන බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ “ආයතන ප‍්‍රධානීන් විිසින් රාජකාරී අවශ්‍යතාව හදුනාගෙන ප‍්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සේවා මුර අනුව සේවයට කැඳවීම සිදුකළ යුතු බවත්, එමගින් රෝගය ව්‍යාප්තවීම වලක්වා ගැනීමට පිටුවහලක් වන බවත්, පුද්ගල දුරස්ථ බව ආරක්ෂා කිරීම මූලික නියමයක් සේ සලකා කටයුතු කිරීම වැදගත් බවත්” සෞඛ්‍ය ලේකම්වරියගේ උපදෙස්වල දැක්වෙන බවයි. එහෙත් බදුල්ල මහ රෝහලේ බලධාරීන් එම උපදෙස් නොසළකා පෙර පැවති සාමාන්‍ය ක්‍රමයට කාර්ය මණ්ඩලය කැඳවීම හේතුවෙන් ඔවුන් අනතුරකට ගොදුරු විය හැකි බවට තම සංගමය විශ්වාස කරන බව ඔහු පෙන්වා දෙයි.
එමනිසා බදුල්ල මහ රෝහලේ පරිපාලනය, සෞඛ්‍ය ලේකම්වරියගේ උපදෙස් හා විධාන නොසළකා ක්‍රියාකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් මෙම මාධ්‍ය නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.