බදුල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩලය නිවාඩු දින දීමනා ඉල්ලති.

 බදුල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩලය නිවාඩු දින දීමනා ඉල්ලති.

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් රටේ පවතින හදිසි තත්ත්වය මත රජය විසින් ප‍්‍රකාශයට පත් කළ 2020 මාර්තු 16,17,18,19 යන නිවාඩු දිනයන් හි සේවය කිරීම සම්බන්ධව වන නිවාඩු දින දීමනා බදුල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩලයට මෙතෙක් ගෙවා නැති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන අන්දමට 1971 අංක 29 දරන නිවාඩු පනතෙහි 10- 1(ආ) වගන්තිය යටතේ වන නියමයන්ට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා විසින් 2020.03.15 වන දිනැති ලිපිය මගින් 2020 මාර්තු 16,17,18,19 යන දින හතර රජයේ නිවාඩු දින ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත.

එම නිසා එම දින හතර තුළ සේවය කර ඇති බදුල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිවාඩු දින දීමනා කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන මෙන් තමන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *