බදුල්ල පිළිකා වාට්ටුව කොවිඩ් නිසා වසයි
අද (05) මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 31 දෙනෙකු හඳුනා ගැනීම නිසා බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ආසාදිතයන් අතර එක් වෛද්‍යවරයෙක්, කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්ද සිටින අතර සෙසු පිරිස රෝගීන් හා ඔවුන් බලා ගැනීමට සිටි අය වේ.
මෙම පිළිකා වාට්ටුවෙන් මුල්ම කොවිඩ් රෝගියා වාර්තා වූයේ පසුගිය 02 වැනිදාය. ඒ ආසාදනයට ලක් වූ හෙදියකි. ඉන් අතතුරුව තවත් තවත් හෙදියක්ද කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්ද ආසාදිතයන් බව හඳුනාගත් අතර ඔවුන් ප්‍රතිශක්තිකරණ එන්නතෙහි පළමු මාත්‍රාව ලබා තිබූ බව අනාවරණය වේ.