බදුල්ල ග්‍රාම නිලධාරීට තර්ජනය කිරීම. ඇපය ලක්ෂයයි

අධිකරණය මගින් නිකුත් කරන ලද නෙරපීමේ නියෝගයකට අදලාව පුද්ගලයින් දැනුවත් කිරීමට ගිය ග්‍රාම නිලධාරීවරයෙකුට බැන තර්ජනය  කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (25) සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම  කළ බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා  නැවත ජූලි මස පළමුවෙනි දින උසාවිය  හමුවේ පෙනී සිටින ලෙස ඔහුට   නියෝග කළේය.

මෙලෙස දඩ නියම කෙරුණේ කන්දකැටිය මුඩගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට යි. ග්‍රාම  නිලධාරිවරයා එම ප්‍රදේශයට ගොස් තිබුණේ ඉඩම් ආරවුල් සිද්ධියක් සම්බන්ධයෙන් වූ නෙරපීමේ නියෝගයක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා යි. එහිදී සැකකාර පුද්ගලයා   පිහියක්   පෙන්වා තමන්ට බැණ තර්ජනය කළ බවට  ග්‍රාම නිලධාරීවරයා විසින් පොලීසියට පැමිණිලි   කිරීමෙන් අනතුරුව ඔහු  අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *