බදුල්ලේ දැනට කොවිඩ් බෝවීමක් නෑ

බදුල්ල දිස්ත්‍රීක්කයෙන් හඳුනාගත් කන්දකාඩු පොකුරේ ආසාදිතයින් තිදෙනාගේ පළමු ආශ්‍රිතයින් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව බදුල්ල දිස්ත්‍රීක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය රොහාන් මාපා මහතා තහවුරු කළේය. ආසාදිතයින් තිදෙනාගේ පළමු  ආශ්‍රිතයින් 200කට වැඩි පිරිසක් පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමුකිරීමෙන් අනතුරුව මේ බව තහවුරු වූ බවත් දෙවන ආශ්‍රිතයින් ද පරීක්ෂණ සදහා යොමුකරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරත  ව සිටි බදුල්ල කැන්දගොල්ල , පස්සර පරමංකඩ සහ මහියංගණය සොරබොර ප්‍රදේශවල  පදිංචි තිදෙනෙකු කොරෝනා ආසාදනය වූ බවට පසුගියදා තහවුරු විය.   ඔවුන් තිදෙනා නිවාඩු අවසන් කර  ආපසු රාජකාරියට වාර්තා කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණ වලින් පසු ඒ බව තහවුරු විය.

ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් හදුනාගනිමින්  පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමුකිරීමට පියවර ගත් බවත් පවුල්වල පිරිස් ඇතුළු කිසිදු ආශ්‍රිතයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු නොවූ බවත් කී අධ්‍යක්ෂවරයා ආසාදිතයින් තිදෙනාගේ දෙවන ආශ්‍රිතයින් ද පරීක්ෂණ සදහා යොමුකරන බවද කියා සිටියේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *