බණෙන් බැරි අණෙන් මට්ටු කරන්නට වුවමනා විදුලිබල මාෆියාව

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වරින්වර අක්‍රිය වීම පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීම සඳහා, ජනාධිපතිවරයාගේ නියෝගය මත පරීක්ෂණ කමිටුවක් පත්කරන බව පැවසූ විගස අක්‍රියව පැවති බලාගාරය අද (25) සක්‍රිය වී ඇතැයි වාර්තා වේ. ඇමති බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ පවතින ඉඩෝර සමයේ විදුලි හිඟයක් මවා පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය ලබා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන්නේද යන සැකය නිසා මෙලෙස පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා පවසන අන්දමට විදුලි ජනන යන්ත්‍රයක පැවති ලිහිසි තෙල් කාන්දුවක් පිළිසකර කිරීම නිසා මෙසේ අද සිට බලාගාරය සක්‍රිය කිරීමට හැකියාව ලැබී ඇත. එහෙත්, එක් ජනන යන්ත්‍රයක් මාස කිහිපයක් තිස්සේ අලුත්වැඩියා කිරීම නිමකර දින දහයක් ඇතුළත මෙසේ නැවත ක්‍රියා විරහිතවීම සැක කටයුතු බව පවසන, මැදහත් ඉංජිනේරුවන්ට අනුව මේ වනවිට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 70කට ආසන්නය.
ශ්‍රී ලංකාවේ ඉඩෝර සමයක් ඇති වූ සැනින් උග්‍ර විදුලි අර්බුදයක් මවා පෙන්වීමට ඇතැම් ඉහළ නිලධාරීන් ක්‍රියා කරන අතර එය සැකයට තුඩු දෙනුයේ ධනවත් ව්‍යාපාරිකයන්ගේ තාප බලාගාරවලින් විදුලිය මිලට ගැනීමට සිදුවන නිසාය. මෙය ලංකාවේ විදුලි මාෆියාවේ අමිහිරි සත්‍යයක් වන අතර ඇතැම් නිලධාරින්ගේ අයථා ඉපයීම් ප්‍රභවය වන්නේ පුද්ගලික අංශයේ විදුලිය මිලදී ගැනීමේදී ලබන කොමිස් මුදලයි. මේ ගණුදෙනුවලදී අතයට හුවමාරු වන මුදල කෝටි ගණනක් වන අතර ඒවා ගෙවන්නට සිදුවන්නේ ජනතාවටයි. පසුගිය සමයේ නොරොච්චෝලේ බලාගාරයෙන් ජනනය කෙරෙන මෙගවොට් 300ක් අහිමි කිරීමද ව්‍යාපාරික හා නිලධාරී මාෆියාවේ සැළසුමක් බව සිතන්නට කරුණු ඇතැයි ejournalist වෙත තොරතුරු සපයන විදුලිබල මණ්ඩලයේ අකටයුතු නාදකයෝ පවසති.