බණ්ඩාරවෙල ප්‍රාදේශීය ‍ලේකම්ගේ ලිපියෙන් හරක් මසට ඇල්ලූ හැටි. හරක් දෙන්නෙක් පොලීසියේ

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්වරයා නිකුත් කළ ලිපියක් යොදා ගනිමින් ලියන්ගහවෙල ප්‍රදේශයෙන් අල්ලා ගත් නිදැලි හරක් සිවු පා බැඳ ලොරියක පටවා ගෙන එන බවට කිසියම් අයෙකු ලබා දුන් දුරකතන ඇමතුමක් නිසා ක්‍රියාත්මක වූ පොලීසිය හරකුන් පැටවූ ලොරි රථය අත්අඩංගුවට ගත්තා. 

ඒ අවස්ථාවේ හොඳින් වැඩුණු හරකුන් දෙදෙ‍නෙකු පා ගැට ගසා එහි නංවා තිබූ අතර ඔවුන් ප්‍රවාහනය කළ සැකකරු පොලීසියට පවසා තිබුණේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය මත හරකුන් අල්ලා ගත් බවයි. 

හරකුන් ප්‍රවාහනය කළ තැනැත්තන්ට එරෙහිව සත්ව හිංසනය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව බණ්ඩාරවෙල පොලීසිය පවසන අතර ලියන්ගහවෙල ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ අනීතිකව හරකුන් අල්ලන්නේ බලධාරීන්ගේ අනුදැනුම මත බවයි.  අප විසින් කරන ලද වැඩිදුර කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම ගවයින් දෙදෙන‍ාද මින් ඉහත අල්ලා වෙනත් ස්ථානයක රඳවා තිබූ ගවයින් දෙදෙනෙකුද එකෙකු රුපියල් ලක්ෂ එකහමාර බැගින් මසට විකිණීමට සැළසුම් කර තිබූ බවයි. 

මීට පෙර, බණ්ඩාරවෙල සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ ලිපියක් යොදා ගනිමින් හරකුන් අල්ලා පැටවීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව අප විසින් අනාවරණය කෙරුණි.  එම ලිපිය මේ සබැඳියෙන් කියවන්න.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *