බණ්ඩාරවෙල නගරය වසයි.

 බණ්ඩාරවෙල නගරය වසයි.

බණ්ඩාරවෙල මිරහවත්ත පදිංචිකරුවෙකු වන නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක මුලුතැන්ගෙයි සහායකයෙකු කොවිඩ 19 ආසාධිත බව තහවුරු වීමත් සමග අද (20) නැවත දැනුම් දෙනතුරු නගරය වසා දැමුණා.

මේ වනවිට බණ්ඩාරවෙල මහ නගර සභාව, පොලීසිය හා සෞඛ්‍ය අංශ නගරයේ විෂබීජහරණය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. නැවත දැනුම් දෙනතුරු නගරයට නොපැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර නගරයේ රාජකාරි කරන සියලු දෙනා බැහැර යවා තිබෙන අතර නාගරික පදිංචිකරුවන් නිවෙස්වලට සීමා කර තිබෙනවා.

මේ අවස්ථාව වනවිට දිවයිනේ වාර්තාවන සමස්ත රෝගීන් ගණන 65ක් වෙද්දී අද සවස හයේ සිට සඳුදා උදෑසන හය දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *