බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවිකාවක් අතුරුදන්

බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන කල්පනී දිනූපමා නැමති 25 හැවිරිදි තරුණියක දින 10ක කාලයක් තිස්සේ අභිරහස් ලෙස අතුරුදහන්ව සිටින බැවින්, ඇය සොයා බදුල්ල මූලස්ථාන පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

අතුරුදන්ව සිටින කල්පනී දිනූපමා සොයාගැනීම සදහා මහජන සහාය පතන පොලිසිය ඇය පිළිබද තොරතුරක් ඇතොත් බදුල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන්ගේ 0718591508 අංකයට හෝ සහකාර පොලිස් අධිකාරීතුමන්ගේ 0718591510 අංකයට හෝ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමන්ගේ 0718591511 අංකයට හෝ අමතා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටීයි.

කල්පනී දිනූපමා පසුගිය 19 වනදා බදුල්ලේ සිට මහනුවර බලා පෙරවරු 07.45ට ගමන් ඇරඹූ බස් රථයේ නැග ගමන් කර ඇත්තේ කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ සිය සැමියාගේ නිවසට යාම සදහාය. එසේ ගමන් කරමින් සිටියදී සිය සැමියා දුරකතනයෙන් අමතා තමන් මග පැමිණෙන බව පවසා ඇති බවත් ඒ අතරවාරයේදී ඇය අභිරහස් ලෙස අතුරුදහන් වී ඇති බවත් බදුල්ල පොලිසිය සදහන් කරයි.

මෙම කාන්තාව මහනුවර වෙළද සංකීර්ණය අසලින් බැස ඇති බවට සහ බදුල්ල මහනුවර මාර්ගයේ රන්දෙණිගල ජලාශය අසලින්ද බැස ඇති බවට සැක සහිත තොරතුරු දෙකක් ප්‍රකාශ වී ඇති අතර ඇය සොයා බදුල්ල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මීට වසරකට පමණ පෙර විවාහ වූ කල්පනා බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කළ හෙයින් බදුල්ල අන්දෙණිය ප්‍රදේශයේ පිහිටි සිය දෙමාපියන්ගේ නිවෙසේ පදිංචිව සිටියාය.

ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට,බදුල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ මෙහෙයවීමෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වේහිත දේශප්‍රිය මහතා ප්‍රමුඛ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

අතුරුදන් වූ කල්පනා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *