බණ්ඩාරවෙලින් කොරෝනා රෝගියෙකු හමුවෙයි. බිය නොව සූදානම වැදගත්, සෞඛ්‍ය අංශ කියයි.

 බණ්ඩාරවෙලින් කොරෝනා රෝගියෙකු හමුවෙයි. බිය නොව සූදානම වැදගත්, සෞඛ්‍ය අංශ කියයි.

බණ්ඩාරවෙල මිරහවත්ත ප්‍රදේශයේ පංදිංචි අයෙකුහට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. ඔහු සේවය කර තිබෙන බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් ගෙන සිටි ජර්මානු සංචාරක පිරිසක් සහ ඔවුන්ගේ මඟ පෙන්වන්නා නිසා හෙතෙම වෛරසයට ගොදුරු වන්නට ඇතැයි අනුමාන කෙරෙනවා. මේවනවිට අදාල සංචාරක මඟ පෙන්වන්නාද කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන්නේ වෛරසය ආසාධනය වීම නිසා. අද ආසාධිත බව තහවුරු වූ රෝගියා හෝටලයේ මුළුතැන්ගෙහි සහායකයෙකු ලෙස සේවය කරන්නෙක්. මේ වනවිට එම හෝටලයේ කළමනාකරු ඇතුළුව තවත් සේවකයින් 11 දෙනෙකු හෝටලය තුළම ස්වයං නිරෝධායනයට ලක් වෙනවා. ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ ඔවුන් පිළිබඳ විධිමත්ව සොයා බලන බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් රෝගය වැළඳී ඇති බව තහවුරු වූ මිරහවත්ත පදිංචිකරුවා ඇසුරු කළ අය සැළකිලිමත් විය යුතු අතර දැනුවත් කර ඇති කිසියම් රෝග ලක්ෂණයක් විද්‍යමාන වේනම් රෝහල් කරා යොමුවීම හෝ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීම කරන මෙන් ඉල්ලා සිටිනවා. ඔහු කොළඹ අයි.ඩී.එච් රෝහල වෙත යොමු කිරීමට පෙර රඳවා සිටි බදුල්ල පළාත් මහ රෝහලේ ආසාධිත යැයි සැක කෙරෙන රෝගීන් සඳහා වෙනම වාට්ටුවක් මේවනවිට වෙන් කර තිබෙනවා. අවශ්‍ය වුවහොත් පමණක් දැඩි සත්කාර පහසුකම් ලබාදීමටද ඉදිරියේදී ඉතා ඉක්මනින් පහසුකම් පුලුල් කිරීමටද හැකි බව වාර්තා වෙනවා. එමනිසා ජනතාව මේ මොහොතේ කළ යුත්තේ බිය නොවී අවධානමට පෙර සූදානම් වීමයි.

Lasantha de Silva

Related post

2 Comments

  • Thanks

    • ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *