බගවන්තලාව අනවසර පතල් ජාවාරම වටලයි
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ පහල කොටසේ තේ වත්තේ, තේ පදුරු ගලවා විශාල පරිසර හානියක් සිදු කරමින් සහ බගවන්තලාව ලොයිනොන් වත්තේ කෙසෙල්ගමුඔය රක්ෂිතයේ ඉවුරු කපා බලපත්‍රයක් නොමැතිව මැණික් ගරමින් සිටි පිරිසක් සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
අනවසරෙන් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් වලවල් කපා ගොඩදමා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක්, මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේයේම පදිංචිකරුවන් බවත් , අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, (18) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසයි.
බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි උපොප රුවන් , පොසැ පෙරුම්බනායගම් (55610) , පොකො සජිවන් (40256) , පොකො කුමාර (96195) ,පොරි අලගිරි (80324) යන නිලධාරින් මෙම වැටලීමට සහභාගි වි ඇත.