බංග්ලාදේශ ගුවන් කාර්ය මණ්ඩලය වූහාන් යාම ප්‍රතික්ෂේප කරති

කොරෝනා වෛරසයේ ප්‍රහාරයට ගොදුරු වූ වූහාන් ඇතුළු චීන නගරවලට පියාසර කෙරෙන ගුවන්යානාවල සේවය කිරීම බංග්ලාදේශ ජාතික ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ නිසා චීනයේ සිරව සිටින පිරිස මුදා ගැනීමේ සැළසුම අහෝසි කරන්නට බංග්ලාදේශ රජයට බල කෙරෙන තත්ත්වයක් නිර්මාණය වෙලා.

වැඩිමනත් සිසුන්ගෙන් සමන්විත 312ක පිරිසක් චීනයේ මරණීය වෛරසය පැතිරෙන ප්‍රදේශවලින් මුදවා ගැනීමට බංග්ලාදේශය පසුගිය සතියේ ක්‍රියා කළා. සැළසුම වී තිබුණේ දෙවන මුදා ගැනීමේ යානාව යවා තවත් 171ක පිරිසක් ගලවා ගැනීමයි.

“අපිට ඔවුන් මුදා ගන්න බැහැ. මොකද අපිට බැහැ තවත් ගුවන් යානාවක් යවන්න” බංග්ලාදේශ විදේශ ඇමති ඒ.කේ. අබ්දුල් මෝමන් සෙනසුරාදා (9) මාධ්‍ය අමතා පැවසුවා.
“එහි යෑමට ගුවන් කාර්ය මණ්ඩලයක් නැහැ. මුල් ගමන ගිය කාර්ය මණ්ඩලයත් කැමති නැහැ” ඇමතිවරයා පවසනවා.
මේ වනවිට කොරෝන ව්‍යසනයෙන් අටසියයකට වැඩි පිරිසක් මියගොස් දහස් ගණනක් ආසාදනය වී අවසන්. තවත් රටවල් කිහිපයකට ව්‍යාප්ත වී ගෝලීය මහජන සෞඛ්‍ය අවධානමක් ලෙස අවධානයට ලක්විය යුතු බවද ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

එහෙත් තවමත් බංග්ලාදේශයෙන් කොරෝනා වාර්තා වූයේ නැහැ.
පෙබරවාරි පළමුවැනිදා ඩකා වෙත ආපසු පැමිණි පිරිස දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට ලක්කර තිබේ. ඒ හජ් වන්දනාකරුවන් සඳහා වෙන්කරනු ලැබූ කඳවුරකය. මේ දක්වා ඒ පිරිස අතර සිටින කිසිවෙකු කොරෝනා පොසිටිව් ලක්ෂණ පෙන්වා නැත.
ඒ අතර බංග්ලා⁣දේශ රජය පැවසුවේ මේ මෙහෙයුමට චීන ගුවන්යානාවක් යොදා ගැනීමට උත්සාහ කළත් තවම එය සාර්ථක නොවූ බවයි.

විදෙස් පුවත් සේවා ඇසුරෙනි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *