පොහොර නෑ. තේ වගාව අනතුරේ

තේ වගාවට මාස කිහිපයක සිට රසායනික පොහොර නොයෙදිම නිසා තේ ඵලදාව සිඝ්‍ර ලෙස පහල වැටි ඇති බව වතු අධිකාරිවරුන් පවසනවා.
මාස තුනකට ප්‍රථම තේ වගාවන් සදහා රසායනික පොහොර යෙදු බවත්, ලබන මාසය තුල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට වර්ෂාව පතිත වන නිසා මේ වන විට තේ වගාවට අවශ්‍යය රසායනික පොහොර තොග රැස් කර ගතයුතු බවත් වතු අධිකාරිවරුන්ගේ අදහසයි.
මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමගද තේ වගාවේ ඵලදාව අඩු වි ඇති නිසා වැසි පතිත වනවාත් සමග තේ වගාවට අනිවාර්යයෙන්ම රසායනික පොහොර යෙදිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
වතු සමාගම් රසායනික පොහොර මෙරටට ආනයනය කරන පෞද්ගලික සමාගම් වෙතින් පොහොර ඇණවුම් කර ඇතත් , පොහොර සමාගම් එම ඇණවුම් ලබාදිමට තවම අපොහොසත් වි ඇති බවයි වතු අධිකාරිවරුන් පවසන්නේ.
මේ දිනවල තේ නිෂ්පාදනයේ අඩුවක් පවතින නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිමට නොහැකි වීමෙන් ලෝක වෙළඳපොළෙහි ශ්‍රි ලංකාවේ තේ සදහා හොද මිලක් ලැබි ඇති බවයි වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියා සිටියේ.