පොහොර නැතිව නාගදීපයේ බඩඉරිඟු වගාවට සේනා දළඹු උවදුර

මේ දිනවල රට තුළ පවතින උග්‍ර පොහොර හිඟය හමුවේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බඩඉරිඟු වගා කළ ගොවීහු අසරණව සිටිති. රිදීමාලියද්ද නාගදීප ව්‍යාපාරයට අයත්, යාය 5 /ඩී2, බෙදුම් ඇළ ගොවි සංවිධානයේ  අක්කර 156 ක ගොවීන් හැත්තෑ හය දෙනකු බඩ ඉරිඟු, වගා කටයුතු කරන අතර, නාගදීප ව්‍යාපාරය තුළගොවීන් 2800කට අධික පිරිසක් වගා කටයුතු වල නියැලෙති. මොවුන් සියලු දෙනාම නිසිකලට පොහොර යොදන්නට නොහැකි වීමෙන් වගාව බාලවීමේ තත්ත්වයට මුහුණ දී සිටී.

පොහොර ගැටලුව නිසාම ප්‍රදේශයේ බඩ ඉරිගු වගාවන්ට නැවතත් සේනා දළඹුවාගේ උවදුර  බලපා තිබෙන බවද බඩ ඉරිඟු පැලවලට සේනා දළඹුවා හානි කරමින් සිටින බවද ගොවීහු පවසති. නිසි වේලාවට පොහොර යෙදීමට  හැකි වූයේ නම් දළඹු ගැටලුව තරමක් හෝ දුරට පාලනය කරගත හැකි බව ඔවුන් ගේ අදහසයි.

සේනා දළඹු හානිය බඩඉරිඟු වගාවට තර්ජනයක් විය හැකිය

වර්ෂයේ එක් කන්නයක් පමණක්  වී වගාකරන මෙම ව්‍යාපාරයේ ගොවීන්, යළ කන්නයේ වියළි කාළගුණ තත්වය නිසා  බඩ ඉරිඟු වගාවෙහි ප්‍රධාන වශයෙන් නියැලෙති. මීට  අමතරව ගොවීන් රට කජු, කවුපි, මුං ඇට, උඳු, කුරක්කන් වැනි බෝග වගා කරන අතර එම වගාවන්ටද පොහොර  හිඟය ඍජුවම බලපා ඇත.

කෘෂිකර්මාන්තය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය ආයතන මෙන්ම රජයෙන් වැටුප් ලබන නිලධාරීන් රැසක් සිටියද කන්නය ආරම්භයත් සමගම වසර ගණනාවක් තිස්සේ බලපාන පොහොර ගැටළුවට විසඳුමක් ලබාදීමට තරම්  ඔවුන් තුළ නිසි  වැඩපිළිවෙලක් නොමැති අතර ඔවුන්  ඉක්මන් ප්‍රතිචාර දැක්වීමටද මැළි වන බව ගොවීහු පවසති.

මේ මොහොතේ සිය දැඩි අවශ්‍යතාව ලෙස ගොවීන් පෙන්වා දෙන්නේ  පොහොර ගැටළුවට හැකි ඉක්මනින් විසඳුම් ලබා දීමයි.

චාමින්ද බුලත්සිංහල

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *