පොහොට්ටු මන්ත්‍රී දෙපළ එක්ක වස්ගමු ගිය 28ක් අල්ලයි.

 පොහොට්ටු මන්ත්‍රී දෙපළ එක්ක වස්ගමු ගිය 28ක් අල්ලයි.

පොදුජන පෙරමුණ නියෝජනය කරන දිඹුලාගල සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළුව අනවසරයෙන් වස්ගමුව ජාතික වනෝද්‍යානයේ රැඳී සිටි 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බව උද්‍යාන භාරකරු ටී.කේ.එච්.කේ පතිරණ පවසයි. ඉකුත් 08 වැනිදා අත්අඩංගුවට පත් ඔවුන් අතර හිමිනමක් සහ පාසල් සිසුන් සිව්දෙනෙකුද වූහ.

වනෝද්‍යානය තුළ ඇති නාගානාගල නම් පැරණි නටබුන් සහිත ප්‍රදේශයක කූඩාරම් තනා ලැගුම් ගෙන සිටි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ යුධ හමුදාව සමඟ කළ ඒකාබද්ධ මෙහෙයුමකිනි. අත්අඩංගුවට ගත් පිරිස සතුව දින කිහිපයක් වනෝද්‍යානය තුළ රැඳී සිටිමින්  යැපීමට අවශ්‍ය වියළි ආහාර තිබුණු බව නිලධාරීහු පවසති. මේ පිරිස නුවරගල හා දෙහිඅත්තකණ්ඩියේ පදිංචිකරුවන් වන අතර චීවරධාරියා නුවරගල විහාරයක වාසය කරන බව පවසා ඇත.

ඔවුන් සතුව තිබූ ආහාර සහ පිහි කිහිපයක්ද, කූඩාරම්ද අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ අතරට අයත් වේ. වනජීවී නිලධාරීන් සැක පහළ කරන්නේ, රැඳී සිටි ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමට ඔවුන් පැමි⁣ණෙන්නට ඇති බවයි.
ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක සහ පෝය දිනෙක ජාතික වනෝද්‍යනයකට ඇතුළු වීමේ චෝදනාව මත සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ. වනජීවී පනත අනුව ස්ථානීය ඇප ලබාදී ඔවුන් මුදා හැර තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *