sdr

පොලීසිය, ගුරු විදුහල්පති උද්ඝෝෂකයන්ගේ තොරතුරු රැස් කරයි.

අද සැප්තැම්බර් 08 වන දිනට පෙර සිය පොලිස් වසමේ ගුරු විදුහල්පති උද්ඝෝෂණ සංවිධානය කළ හා ඒවාට සම්බන්ධ වූ පුද්ගලයන්ගේගේ තොරතුරු තමන් වෙත ලබා දෙන මෙන් දන්වා  හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රාදේශීය ලේකම්වරු කිහිපදෙනෙකු වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.

හොරණ, ඉංගිරිය, මදුරාවල, මිල්ලණිය ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙසේ දැනුම් දී ඇත්තේ, අපරාධ පරීක්ෂණ  දෙපාර්ත⁣මේන්තුව මගින් කරනු ලබන විමර්ශනයකට අදාලව මෙම වාර්තාව කැඳවනු ලබන බවයි.  අදාල විරෝධතා සංවිධානය කර ඇති පුද්ගලයන්ගේ නම් සහ ලිපින ලබා දෙන ලෙස මේ ලිපි⁣යෙන් දන්වා ඇති අතර විශේෂත්වය වන්නේ, විරෝධතා උද්ඝෝෂණ පැවැත් වූ දිනවලට පසුව අදාල බලප්‍රදේශවල කොවිඩ් ආසාදනය වූ හෝ ආසාදිතව මිය ගිය ගුරු විදුහල්පතිවරුන්ගේ නාමලේඛනයද ඉල්ලා තිබීමයි.

පොලීසියෙන් යොමු කළ ලිපිය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *