පොරොන්දු වූ සහන මල්ල ලබාදෙන්න. හිටපු ඇමති කිරිඇල්ල ආණ්ඩුවෙන් ඉල්ලයි.

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතීරීම පාලනය කිරිමට රජය මේ වනවිට මුලු රටටම පනවා ඇති ඇඳිරිනීතිය හමුවේ එදිනෙදා වැටුපෙන් ජීවත් වූ ජනතාව දැඩි ලෙස අසරණ වී ඇති බව හිටපු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. දෛනිකව මුදල් උපයා ගත් බොහෝ පිරිසක් උද්ගතවී ඇති තත්වය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටවත් මුදල් නොමැතිවීම හේතුවෙන් කරකියාගත නොහැකි තත්වයකට පත්ව ඇතැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එම නිසා දෛනික රැකියාවල නිරත වු සියළු දෙනාට රජය මේ මොහොතේ කඩිනමින් සහන ලබාදිමට කටයුතු කළ යුතු බවද කිරිඇල්ල මහතා පැවසීය.
පසුගිය සමයේ නිතර කතාබහට ලක් වූ “සහන මල්ල” ජනතාවට අත්‍යවශ්‍ය වී ඇත්තේ මේ මොහොතේ බැවින් ග්‍රාම නිලධාරිවරුන් හරහා හෝ එය ලබාදීමට කටයුතු කරන්නේ නම් දෛනික රැකියාවලින් දිවිගෙවූ පුද්ගලයින් හා ග්‍රාමීය ජනතාවට එය මහත් සහනයක් වනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එම නිසා පොරොන්දු වූ සහන මේ මොහොතේ ජනතාවට ලබාදෙන ලෙසට තමන් රජයෙන් ඉල්ලා සිටින බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටි.