පොරොන්දු ඉටු කළොත් අපිත් ගෝඨට. ඡන්දෙදි හැම දිස්ත්‍රික්කෙන්ම ඉල්ලනවා. මෛත්‍රී ගුණරත්න කියයි.

 පොරොන්දු ඉටු කළොත් අපිත් ගෝඨට. ඡන්දෙදි හැම දිස්ත්‍රික්කෙන්ම ඉල්ලනවා. මෛත්‍රී ගුණරත්න කියයි.

මේ රටේ ජනතාවට පොරොන්දු වු දේවල් ඉෂ්ඨ නොකර 2/3 බලයක් ඉල්ලීම අසාධාරණ බවත්, ඉදිරි මාස කිහිපය තුල එම පොරොන්දු ඉෂ්ඨ කරන්නේ නම් තම පක්ෂයේ සහයෝගයද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බවත්  නිතීඥ මෛත්‍රි ගුණරත්න පවසයි. ඔහු  එලෙස පැවසුවේ (26) දින හැටන් “ලා ආඩම්ස්” ශාලාවේ   කැඳවා තිබු විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
එළඹෙන මහ මැතිවරණයේදි දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම තම පක්ෂයේ සාමාජිකයන් තරඟ කරන බවද එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති ජනාධිපති නිතීඥ මෛත්‍රි ගුණරත්න එහිදී පැවසුවේය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මෛත්‍රි ගුණරත්න කියා සිටියේ තම පක්ෂය නව පක්ෂයක් බවත්, පසුගිය ප්‍රාදේශිය සභා මැතිවරණයේදි තරගකර මුළු රටේම මන්ත්‍රි ධූර  30කට ආසන්න ප්‍රමාණයක් දිනා ගැනීමට හැකි වු බවත්ය.
එසේම වතු ආශ්‍රිත ප්‍රදේශවලිනුත් මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු එක්සත් ජාතික නිදහස් පෙරමුණට දිනා ගැනිමට හැකි වු බවත්, රටේ සියළුම ජාතීන්ට තම පක්ෂය තුලින් තරඟ කිරිමට අවස්ථාව සැළසෙන බවත් මෛත්‍රි ගුණරත්න කියා සිටියේය.
බැඳුම්කර වංචාව පිලිබඳව  රටේ විශාල ආන්දෝලනයක් ඇති වු අතර, දැන් වෝහාරික විගණන වාර්තාව ලැබී තිබෙන නිසා බැඳුම්කර සිද්ධියේ හොරුන් අල්ලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලන බව  පැවසූ හෙතෙම 2015 වසරට පෙරත් මේ රටේ මුදල් සොරකම් කර ඇති බවත්, 2015 පසුවත් මේ රටේ සොරකම් ගණනාවක් සිදු ව ඇති බවත්  පෙන්වා දුන්නේය.
රනිල් වික්‍රමසිංහ  අගමැතිව  සිටි සමයේදී ද බැඳුම්කර මුදල් වංචා සිදු ව ඇති බවත්, පාඨලි , රංජන්ලා, රාජිතලාගේ පසුපස නොයා  තෝරුන් මෝරුන් පස්සේ හඹා ගොස් ඔවුන් නීතියේ රැහැනට හසු කර ගන්නා ලෙස ජනාධිපතිවරයගෙන් ඉල්ලා සිටින බවද මෛත්‍රි ගුණරත්න මෙහිදී පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *