පේරාදෙණියේ සිසුවියට අතවර කළ චීනා අල්ලයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි චීන ජාතික සිසුවියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු මහනුවර සංචාරක පොලිස් ඒකකයේ අත්අඩංගුවට පත්ව තිබේ. ඊයේ (23) මෙලෙස අත්අඩංගුවට පත් වූයේ චීන ජාතික තරුණයෙකි.
මෙරට රැකියාවක නිරත චීන තරුණයා චීන ජාතික සිසුවිය ෆේස්බුක් ඔස්සේ හඳුනාගෙන පෙම් සබඳතාවක් ගොඩ නගා ගෙන තිබේ. ඒ මත ඇති වූ විශ්වාසය නිසා පසුගිය දිනෙක ඔහු කළ ඇරයුම අනුව තරුණ සිසුවිය මහනුවර අනිවත්තේ පිහිටි අවන්හලකට දිවා ආහාරය ගැනීම සඳහා ඔහු හා ගොස් ඇත.
එදින තරුණයාගේ ඇරයුම අනුව අනිවත්ත සංචාරක අවන්හලේ කාමර දෙකක නවාතැන් ගැනීම සඳහා කැමැත්ත පළ කළ බව පවසන තරුණිය සඳහන් කර ඇත්තේ මැදියම් රැයේ සිය කාමරයට බලහත්කාරයෙන් පැමිණි චීන තරුණයා තමන්ට ලිංගික අතවර කළ බවයි.
ඒ අනුව 22 දින මහනුවර සංචාරක පොලිස් ඒකකයට සිද්ධ්ය පිළිබඳ පැමිණිළි කළ ඇය ලද උපදෙස් මත වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වී ඇත.
මේ වනවිට තරුණිය වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහලේ ප්‍රතිකාර ලබයි.