පෙර පාසල් ඉක්මනින් ආරම්භ කරනවා – පියල් නිශාන්ත

රජයෙත්, දෙමව්පියන්ගෙත්, ගුරුවරු ඇතුළු සමස්ථ සමාජයේ සිටින සියළුදෙනාගේ වගකීම දරුවන්ට නිසි කලට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ලබාදීම බවත් එම නිසා හැකි ඉක්මනින් දැනට ආරම්භ කර නැති ප්‍රාථමික පාසැල් ආරම්භ කිරීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශ පෙර පාසැල් පාලිකාවන්, දෙමව්පියන්, දිස්ත්‍රීක් ලේකම් වරුන් ඇතුළු සියළුම වගකිව යුතු අංශ වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු කර ඇති බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා පැවසීය. එතුමා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවතී මාධ්‍ය හමුවකදීය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා කියා සිටියේ අධ්‍යාපනයට සම්බන්ධ සියළුම වෘතීය සමිති වල අදහස් මෙන්ම විද්වතුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන නිසි ක්‍රමවේදයන් මේ අනුව සකසන බවත් එමඟින් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය වට පිටාව සකසා නිසි කලට අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය පරිසරය සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව ක්‍රියාත්මක කරන බවත්ය.
මෙම ලෝක වසංගත උවදුර හේතුවෙන් දරුවන්ගේ මානසික මට්ටම පසුබෑමකට ලක් වීමට ඉඩ ඇති බවත්, එම නිසා දරුවන් විවිධ අපයෝජන හා අපචාර වලට ලක්වීමේ වැඩි ඉඩ කඩක් පවතින අතර එම නිසා මුළු සමස්ත සමාජයම දරුවන් එමඟින් මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත්, අප සියළු දෙනාම සාධනීය ගුණාංග පෙන්වා දෙමින් දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවද පැවසීය. දරුවන්ගේ ආරක්ෂාව රජයට පමණක් භාර දී සිටිනවාට වඩා දෙමව්පියන්,ගුරුවරුන්,දේශපාලනඥයින් මෙන්ම සමස්ථ සමාජයම කැපවී ක්‍රියා කළ යුතු බව එතුමා වැඩි දුරටත් පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *