පුස්තකාලයේ ගින්න. කෝටි හයක වන්දිය අය කරන හැටි

දහතුන් වසරකට පෙර ගිනිගෙන විනාශ වූ මහනුවර ඩී. එස්. සේනානායක මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ තක්සේරු වටිනාකම වන රුපියල් කෝටි හයකට ආසන්න මුදල මහනුවර මහ නගර සභාවේ එවකට සිටි නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරිය ඇතුළු බලධාරීන් පිරිසක ගෙන් අයකළ යුතු බව මධ්‍යම පළාත් ප්‍රධාන හා පළාත් පාලන ලේකම්වරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල මණ්ඩලයක් මගින් නිර්දේශකර තිබේ.

පළාත් පාලන සහකාර කොමසාරිස් වත්සලා මාරඹේ, ගණකාධිකාරී එස්.එච් ඒකනායක, ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී රංජිත් බණ්ඩාර යන අය මෙම පරීක්ෂණ මණ්ඩලයට ඇතුළත් වූහ.

මහනුවර ඩී.එස් සේනානායක පුස්තකාලය ශ්‍රවනාගාරය 2007 පෙබරවාරී මස 02 දින ගිනි ගැනීමට ලක්වූ අතර ඉන් මහජන පුස්තකාලයටද දැඩි අලාභහානි සිදුවිය.

මෙම සිද්ධියට අදාළව එවකට සිටි නගරාධිපති එල්.බි. අළුවිහාරේ මහතාගෙන් රුපියල් 7,812,500 .00 ක මුදලක්ද නාගරික කොමසාරිස් කේ.එම්. මීගස්මුල්ල මහත්මිය ගෙන් රුපියල් 1,250,00.00 මුදලක්ද නියෝජ්‍ය නාගරික කොමසාරිස් ආර්.එම්.එන්. රත්නායක මහත්මියගෙන් රුපියල් 937,500.00 ක මුදලක්ද නාගරික ලේකම් ශීලා ආරියසිංහ මහත්මියගෙන් රුපියල් 7,187,500.00 ක මුදලක්ද පුස්තකාලයේ එවකට සිටි පුස්තකාලයාධිපති එන්.එම්.එස්. නිල්තොටාංග මහත්මියගෙන් රුපියල් 62,50,000.00 ක මුදලක්ද නාගරික ගිනි නිවීමේ ඒකකයේ පළමු පෙළ ගිනිභට ඊ.ඒ.කේ.බි.රත්නායක මහතාගෙන් රුපියල් 62,50,000.00 ක මුදලක්ද යාන්ත්‍රික ගිනිභට එස්.කේ.එස්. දසනායක මහතාගෙන් රුපියල් 1,562,500.00 ක මුදලක්ද අය කරගන්නා ලෙස දැනුම් දී තිබේ .

එම ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් තිදෙනකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් පත්කළ අතර ඔවුන්ගෙන් නිර්දේශය මත එම වන්දි මුදල අයකර ගන්නා ලෙස මහනුවර නාගරික කොමසාරිස් වරයාට දැනුම් දී තිබේ .

මෙම තීන්දුවට එරෙහිව අදාළ පිරිස විසින් අභියාචනයක් ඉදිරිපත්කර ඇත. ඒ අනුව අදාල මුදල් අයකර ගැනීම සම්බන්ධව තීරණයක් ගැනීම මහනුවර මහ නගර සභාව මගින් සිදුකළ යුතු බවට නීරීක්ෂණය කර ඇත. නගර සභා ආඥා පනතේ 254 අ (2) වගන්තිය යටතේ සභාවට අයවිය යුතු මුදල් අයකර ගැනීමේ වගකීම නාගරික කොමසාරිස්වරයා සතු බැවින් අදාළ අධිභාර මුදල් සම්බන්ධව තීරණයක් ගැනීම නාගරික කොමසාරිස් විසින් මුදල් කාරක සභාවට යොමුකර තිබේ.

සංස්කාරක

Related post

1 Comment

  • Best wishes for page.
    I am Chinthaka samarajeewa
    Bw mmv

Leave a Reply

Your email address will not be published. Required fields are marked *