පුත්තලමේ හොර දොස්තර හැටන්හීදී අල්ලයි

වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් හැටන් ඇතුළු අවට ප්‍රධාන නගරවල රෝගීන් ගෙන් රුපියල් 800.00 බැගින් අයකර වෛද්‍ය උපදෙස් ලබාදුන් බව කියන පුද්ගලයෙකු හැටන් පොලිසිය විසින් ඊයේ (08) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ ගමන් මල්ලේ රුපියල් 150000.00 මුදලක් තිබී පොලීසිය සොයාගෙන තිබේ.
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයට ලද පැමිණිල්ලකින් පසු එම භාරකාර මණ්ඩලය විසින් හැටන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වා ව්‍යාජ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත. හැටන් හජිරාපුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන සතියට වතාවක් පුත්තලමේ සිට පැමිණ මෙම පුද්ගලයා නිල චිකිත්සාවෙන් විවිධ රෝග සුවකරන බව පවසා රෝගීන් ගෙන් රුපියල් 800.00 බැගින් අයකර සෞඛ්‍ය උපදෙස් ලබාදී තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.
අදාළ නිවස ගොස් ව්‍යාජ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් ඔහුගෙන් ප්‍රතිකාර උපදෙස් ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි බව පොලීසිය පවසයි. ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් මගින් අත්පත්‍රිකා බෙදා හරිමින් අලුතින් රෝගීන් ගෙන්වා ගැනීමට මෙම පුද්ගලයා කටයුතුකර ඇත. පුත්තලම ප්‍රදේශයේ පදිංචි හතළිස් හය හැවිරිදි සැකකරු දරුවන් 14 දෙනෙකුගේ පියෙකු බවත් ඔහු සතුව නිල චිකිත්සා වෛද්‍යයවරයෙකු බව තහවුරු කිරීම සඳහා කිසිදු පිළිගත හැකි සහතිකයක් නොතිබුණු බවත් හැටන් පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපාන මහතා පැවසීය. හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති ඒ.ජේ.එම්.ෆසිර් මොහොමඩ් මහතා මෙම ව්‍යාජ වෛද්‍යවරයා හැටන් ප්‍රදේශයට පැමිණ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් දිනකට රොගින් 80 දෙනෙකු පමණ පරික්ෂාකර ඇති බවත් මේ සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ ජනතාවගෙන් භාරකාර මණ්ඩලයට ලද පැමිණිලි ගණනාවක් ලැබුණු බවත් ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදුකර ඔහුට එරෙහිව ඉදිරි නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හැටන් පොලීසිය පවසයි.