පියා සහ දියණිය මරු ගෙනගිය අනතුර

මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලගෙදර මඩවල බෑවුමේදී කාර් රථ දෙකක් හා කන්ටේනර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් කාර් රථයේ ගමන් ගත් තිස්හය හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුගේ දෙහැවිරිදි දියණිය මරණයට පත්ව තිබේ. අනතුර පෙරේදා (23) රාත්‍රී 8.30 ට පමණ සිදුව තිබෙන අතර තුවාලකරුවන් හත් දෙනෙකු ගලගෙදර හා පේරාදෙණිය රෝහල් වලට ඇතුළත්කර ඇත. කටුගස්තොට බරිගම ප්‍රදේශයේ සිට කුරුණෑගල දෙසට සාදික්කා තොගයත් රැගෙන ගමන් ගනිමින් තිබූ කන්ටේනර් රථය මඩවල බෑවුමේදී කාර් රථයක ගැටී ඉදිරියට ධාවනය වෙත්දී එය තවත් කාර් රථයක් ගැටී ඒ මතට පෙරලී තිබෙන බව පොලීසිය පවසයි.

මුලින් ගැටුණු කාර් රථය පදවා ඇත්තේ කාන්තාවක් විසින් වන අතර එම කාන්තාව එහි සිටි ඇගේ දියණියද තුවාල ලැබ රෝහල් ගතකර තිබේ. පිටු පසින් පැමිණි කාර් රථයට අනතුරින් දැඩි හානි සිදුව තිබෙන බවත් එහි එකම පවුලේ මව පියා හා දරුවන් දෙදෙනා පැමිණි ඇති බවත් පවසන පොලීසිය එහි රියදුරු ලෙස කටයුතු කළ පියා හා ඔහුගේ දෙහැවිරිදි දියණිය මියගොස් තිබෙන බව කීය. මියගිය පුද්ගලයා ගලහ ප්‍රදේශයේ පදිංචි හෝටල් කලමනාකරුවෙක් බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. තුවාලකරුවන් අතර ලොරි රථයේ රියදුරුද සිටින අතර අනතුර සම්බන්ධයෙන් ගලගෙදර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *