පැය 02ක රෑ මෙහෙයුමෙන් 102ක් දැලේ
ඊයේ (02) රාත්රියේ සිදු කළ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් 102ක් බදුල්ල මූලස්ථාන පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. ප්රසිද්ධ ස්ථානවල මත්පැන් පානය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු, බීමත්ව රිය පැදවූ බවට සැකපිට සිව් දෙනෙකු, බලපත්ර නොමැතිව රජයේ අරක්කු අලෙවි කළ බවට සැකපිට දෙදෙනෙකු, සැක කටයුතු හැසිරීම හේතුවෙන් සැකපිට ප්රශ්න කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු, හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් එක් අයෙකු හා බීමත්ව අශෝභන ලෙස හැසිරුණු එක් අයෙකුද මේ පිරිස අතර සිටිනවා.