පැපුවා නිව්ගිනියා සරණාගතයින් 40 දෙනෙකු එක්සත් ජනපදයට මාරු කර යවයි

පැපුවා නිව්ගිනියාවේ ඕස්ට්‍රේලියානු රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි සරණාගතයින් 40 දෙනෙකු කැන්බරා සහ වොෂිංටන් අතර ඇති කරගත් ගිවිසුමක කොටසක් ලෙස මේ සතියේ එක්සත් ජනපදයට මාරු කර යවා ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීහු තහවුරු කළහ. පෝර්ට් මෝර්ස්බි සිට වාණිජ ගුවන් යානයකින් සරණාගතයින් 35 දෙනෙකු පිටත්ව ගිය අතර අනෙක් හත් දෙනා මීට දින දෙකකට පෙර ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ගිය බව සරණාගත ක්‍රියාකාරී සන්ධාන ප්‍රකාශක ඉයන් රින්ටූල් පැවසීය. එක්සත් ජනපදයට සරණාගතයින් යැවීම සඳහා මාස තුනක කාලයක සීමිත සහයෝගයක් ලැබෙන අතර, මීට පෙර මෙම ගිවිසුම යටතේ යවන ලද බොහෝ දෙනෙකු රැකියා අහිමි වී හෝ COVID-19 වසංගතය ආරම්භ වීමටත් පෙර “මංමුළා සහගත තත්වයක” සිටි බව රින්ටූල් පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *