පාස්කු ප්‍රහාරය – රිෂාඩ්ගෙන් ප්‍රකාශයක්
පසුගිය වසරේ පාස්කු ඉරුදින කිතුනු දේවස්ථාන කිහිපයකට සහ සංචාරක හෝටල් කිහිපයකයට එල්ල වූ අන්තවාදී ඉස්ලාමීය ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය රජයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අද (27) වවුනියාව ඊරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානය වෙත පැමිණියේ ය. මීට ස්වල්ප මොහොතකට පෙර ඔහු එහි පැමිණි අවස්ථාවේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කොළඹ සිට එහි ගොස් සිටියහ.
හිටපු අමාත්‍ය බදුර්දීන්ගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන්නේ කොළඹ මහේස්ත්රාත්වරයාගේ නියෝග මතයි. ඇමති බදුර්දීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි පසුගිය කාලයේ දිගින් දිගටම විරුද්ධවාදීන් චෝදනා කළ අතර ඔහුගේ සහෝදරයෙකු පොලිස් අත්අඩංගුවටද පත් විය.