පාර්සලයක් නිසා කොවිඩ් බියක්

කොවිඩ්-19 ආසාධිතව නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකුගේ බවට සැකකරන අපද්‍රව්‍ය පාර්සලයක් මහනුවර මයිලපිටිය 21 කණුව ප්‍රදේශයේ දමාගොස් ඇති බවට පැතිර ගිය රාවයක්  හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව ඇත. මාලදිවයිනේ සිට පැමිණීමෙන් පසු නිරෝධායනයට යොමුකළ බව දැක්වෙන ලිපියක්, මුව ආවරණ, විෂබීජ නාශක දියර,හිස් වතුර බෝතල් මෙම පාර්සලයේ තිබුණු බව ප්‍රදේශවාසීහූ පවසති. මෝටර් රථයකින් ගමන් ගන්නා අතරතුර මෙම පාර්සයලය කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ස්ථානයට දමාගොස් ඇති බවට සැකකරයි.   

මහා මාර්ගයේ ගමන් ගත්තා රථයකින් 02 දින පස්වරුවේ මයිලපිටිය 21 කනුව ප්‍රදේශයට මෙම  අපද්‍රව්‍ය පාර්සලය බැහැර කොට ඇති බවට ප්‍රදේශවාසීහු සැක පහළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියටද පැමිණිල්ලක් කර තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *