පාර්ලිමේන්තුව අනුමත කරන වැඩ ගැන හොයන්න කොමිසමක්

පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන, අයවැය හා විදෙස් ආයෝජන ආදී කෘත්‍යයන් ඔස්සේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු නියාමනයට හා ඇගයීමට ස්වාධීන කොමිසමක් පත් කිරීමට යෝජනා වී ඇත. එය නව පනතක් මගින් සිදුකෙරෙන අතර එම පනත ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙරට ජාතික ඇගයීම් ධාරිතාව අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව උක්ත තීරණයට එළඹ තිබේ. ඔනෑම ආයතනයකින් තොරතුරු ලබාගෙන ඇගයීමට ලක් කිරීමට තරම් බලතල, පිහිටුවීමට නියමිත කොමිසම සඳහා පනතින්ම ලබා දීමටද තීරණය කර ඇත.
ඒ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපති ධූරයට ලසන්ත අලගියවන්න ඇමතිවරයාද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිත්වයට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාද නැවත පත් වී තිබේ.