පාකිස්ථාන ගුවන් යානය මගීන් සමග වැනසේ
ලාහොර් සිට කරච්චියේ ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙමින් තිබූ පාකිස්ථාන ජාතික ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට ලක් ව තිබේ. මගීන් 99 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 08 දෙනෙකු රැගත් මෙම යානය පාකිස්ථානයේ කාර්ය බහුලම ගුවන් තොටුපළ වන ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට පියාසර කර කරච්චියේ ගොඩ බෑමට ආසන්න අවස්ථාවේ පුපුරා ගිය අතර ඉන් නැඟුණු දුම දක්නට ලද බව සමාජ මාධ්‍ය වාර්තා පළ විය.
අනතුරෙන් නිවාසද විනාශ වී තිබෙන අතර හදිසි සේවා ස්ථානයට ළඟා වී ඇත.පාකිස්ථාන ගුවන් සේවා අධිකාරියේ ප්‍රකාශක අබ්දුල් සත්තාර් පැවසුවේ ගණන නිසි ලෙස තහවුරුව නැතත් මගීන් 99 දෙනෙකු එහි සිටි බව විශ්වාස කරන බවයි.