පාකිස්ථානයේ සිට පැමිණි සිසුන් නිරෝධායනයට

 පාකිස්ථානයේ සිට පැමිණි සිසුන් නිරෝධායනයට

ජනාධිපතිතුමන්ගේ නියෝග මත පිටත්ව ගිය විශේෂ ගුවන් යානයකින් පාකිස්ථානයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මව්බිමට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 දෙනෙකු අද (21) දිවයිනට පැමිණියහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1206 දරන යානයෙන් පැමිණි මේ පිරිසට ලාහෝර් සිට 93 දෙනෙකුද, කරච්චි නුවරින් සිසුන් 20 දෙනෙකුද එක්ව සිටියහ. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රැගෙන ආ ඔවුන් ගමන් මලුද සමග ගුවන් තොටුපලේදී විෂබීජහරණයට ලක් කෙරුණි. පසුව මෙම සිසුන් බස්රථ කිහිපයක් යොදවා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගන්නා ලදී.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *